
(යසන්ත ආරියසේන)
වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් හක්මන දෙනගමදී තාප්පයක ගැටිමෙන් වූ අනතුරෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් හතර දෙනාගෙන් එක් සේවකයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
අනතුරින් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් හතර දෙනා වලස්මුල්ල මූලික රොහල්ට අතුළත් කිරිමෙන් පසුව එක් අයකු මාතර මහ රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රොහල වෙත ඇතුලත්කර ඇතැයි හක්මන පොලීසිය පවසයි
අනතුරෙන් තුවාල ලබූ සෞඛ්‍ය සේවකයන් රෝහල් ගත කරන අවස්ථාවේදි සිදුකළ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාවේදී එක් සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි
කරාපිටිය ශික්ෂණ රොහල වෙත රෝගින් රැගෙන ගොස් ආපසු වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදි අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරුට නින්දයාම නිසා ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ යකඩ වැටක්ද කඩාගෙන ගොස් තාප්පයක ගැටිමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
ගිලන් රථයට ද දැඩි හානියක් සිදුව ඇති බව පොලීසිය පවසයි






